silumina

බට නලාව

පසු ගිය සිකුරාදා රැයේ පන්නලාල් ඝෝෂ් ගේ මියුරු බටනලා වාදන දෙකක් අසන්නට ලැබුණා. චෞර සියාගේ සෙයින් ඔහුගේ වැයුම් ද හැඟුම්බර යි. වරෙක ඒ බටනලාවෙන් නැඟුණු රිද්මය මිනිස් ඉකි බිඳුමකට සම වුණා.”

ස්ත්‍රී රත්නය

ගෙදර බුදුන් අම්මා”

මේ බෞද්ධාගමික ලෝකය ස්ත්‍රියක වන අම්මා තබන උතුම්ම ස්ථානය යි.
 
”මා හි ගංගා මා හි යමුනා”

අම්මා ම යි ගංගාව, අම්මා ම යි යමුනාව.

මේ හින්දි ගීත සාහිත්‍යය ගැහැනියක වන අම්මාට දෙන උසස් තැනයි.